
පරිඝනකයක් යනු මිනිසා විසින් නිර්මාණය කරන ලද, දෙනු ලබන විධානයන්ට අනුව දත්ත ගබඩා කර,සකස් කර තොරතුරු බවට පත්කළ හැකි ඉලෙක්ට්‍රොනික උපකරණයකි. එනම් දත්ත තොරතුරු බවට පරිවර්තනය කරන බුද්ධිමත් ඉලෙක්ට්‍රොනික උපකරණයකි.
• දත්ත - අදහසක් ගත නොහැකි, තේරුමක් නොමැති රළු කරුණු වලට දත්ත යයි කියනු ලබයි.
උදාහරණ ලෙස පාසලක ඉන්නා සිසුවෙකුගේ නමක්, විභාගයක ලකුණු, එක් දිනයක වර්ෂාපතනය, සමාගමක වැඩ කරන පුද්ගලයකුගේ නම ආදිය දත්ත සඳහා උදාහරණ ලෙස ගත හැකිය.
සාමාන්‍යයෙන් පද්ධතියකට ඇතුලත් කරන ඒවා හෙවත් ආදානය (Input) ලෙස දත්ත හඳුන්වයි.
තොරතුරු සඳහා උදාහරණ ලෙස පන්තියක ඉගෙන ගන්නා ළමුන්ගේ නම් සහ ඔවුන් ලබාගත් ලකුණු, සමාගමක වැඩ කරන කෙනෙකුගේ මාසික පැමිණීම සහ වැටුප් ලැබීම ආදිය ගත හැකිය.
සාමාන්‍යයෙන් පද්ධතියකින් පිටතට ලැබෙන ඒවා හෙවත් ප්‍රතිදානය (Output) ලෙස තොරතුරු හැඳින්විය හැකිය.
සම්පූර්ණ පරිඝනක පද්ධතියක් යනු කිසියම් පොදු අරමුණක් ඉටු කරගැනීම සඳහා එකට එකතුවී වැඩ කරන කොටස් වල එකතුවකි. එම නිසා පරිඝනක පද්ධතියක පහත සඳහන් මූලික කොටස් අඩංගු වේ.
1. Hardware (දෘඩාංග) 2. Software (මෘදුකාංග) 3. Liveware ( සක්‍රීය අංග)
Hardware - පරිඝණකයක ඇති අතින් ඇල්ලිය හැකි, ඇසට පෙනෙන,භෞතිකමය වස්තු ලෙස දෘඩාංග හැඳින්වේ.
Software - පරිඝණකයක ඇති තවත් එක් මූලික දෙයක් වන්නේ මෙයයි. කිසියම් විධානයන් වලට අනුකූලව පරිඝනකය නිසි පරිදි වැඩ කිරීමට හැකියාව ලබාදෙන වැඩසටහන් වලට softwares යයි කියනු ලැබේ.
Liveware - ඉහත සඳහන් කල දෙවර්ගයම තිබුනද එය නිසි පරිදි වැඩ කරවීමට නම් කිසියම් කෙනෙකු සිටිය යුතුයි. එනම් පරිඝනක ක්‍රියාකරුවන් liveware ලෙස හඳුන්වයි.
දෘඩාංග ගැන කතා කරන විට ඒවා එක් එක් වර්ගීකරණයන් යටතේ කතා කල යුතුය. පහත දැක්වෙන්නේ පරිඝණකයක ඇති දෘඩාංග කොටස් වේ.
• Processor/CPU - මධ්‍ය සැකසුම් පද්ධතිය
• Memory & integrating devices - මතකය
• Input devices - ආදාන උපකරණ
• Output devices - ප්‍රතිදාන උපකරණ
• Storage devices - ගබඩා කරන/ආයාචන උපකරණ
• Communication devices - සන්නිවේදන උපකරණ
මෘදුකාංග යනු පරිඝනකයක් නිවැරදිව ක්‍රියාත්මක කර ගැනීමට, දෘඩාංග කොටස් සක්‍රීය කරගැනීමට විධාන සහ උපදෙස් ඇතුලත් කර නිර්මාණය කරනලද වැඩසටහන් වේ. මෙවැනි වැඩසටහන් ඒවායේ කාර්‍යය අනුව කොටස් කිහිපයකට වර්ගීකරණය කල හැකිය.

1. පද්ධති මෘදුකාංග (System Softwares) -
පරිඝනකය on කරගැනීමට සහ පරිඝනකය නිවැරදිව වැඩ කිරීමට මෙන්ම මනාව කළමනාකරණය කරගෙන යාමට පද්ධති මෘදුකාංග භාවිතා කරයි. පද්ධති මෘදුකාංග ද කොටස් දෙකකට වර්ග කල හැකිය. ඒවා නම් Operating systems සහ Utility softwares (උපයෝගීතා මෘදුකාංග) ලෙසය.
Operating systems වලින් පරිඝනකයේ ඇති දෘඩාංග සහ මෘදුකාංග අතර සම්බන්ධය ගොඩ නගන අතර නිවැරදි ක්‍රියාකාරී තත්වයේ තබාගැනීමද සිදු කරයි.
Operating systems සඳහා උදාහරණ පහත දැක්වේ.
Windows XP, Windows Vista, Windows 7, Windows 8, Windows 10, Linux, Unix, Red Hat, Mac OS

Utility softwares මඟින් පරිඝනකය වඩා යහපත්ව,වේගවත්ව,කාර්යක්ෂමව කළමනාකරණ කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සපයයි.

2. යෙදවුම් මෘදුකාංග (Appilcation Softwares) -
පරිඝනකයේ විවිධ වැඩකටයුතු කිරීමට යොදාගන්නා මෘදුකාංග Appilcation softwares ලෙස හැඳින්වේ. උදාහරණ ලෙස database programs, word processors, Web browsers,media players සහ spreadsheets ආදිය දැක්විය හැකිය.
