මෘදුකාංග වර්ග

අප විසින් භාවිතා කරන මෘදුකාංග හෙවත් softwares ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට වර්ග කර දැක්විය හැකිය. ඒවා Generic, Specialised packages, Bespoke software සහ Open Source ලෙස දැක්විය හැක.

Generic (Off-the-shelf)

සාමාන්‍යය අරමුණු උදෙසා නිර්මාණය කරන මෘදුකාංග Generic ලෙස හැඳින්වේ. off-the-shelf කියන නාමයෙන් හැඳින්වෙන්නේද මෙම මෘදුකාංග වර්ගයම වේ. වදන් සැකසුම් මෘදුකාංග, විවිධ players,web browsers, graphic මෘදුකාංග මේ සඳහා උදාහරණ ලෙස ගත හැකිය.



Specialised packages

විශේෂිත අරමුණු සඳහා නිර්මාණය කරන මෘදුකාංග මේ ගණයට අයත් වේ. උදාහරණයක් ලෙස විශාල සංවිධානයක,සමාගමක ගිණුම්කරණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන මෘදුකාංග සැලකිය හැකිය.


Bespoke software

කිසියම් විශේෂ අවශ්‍යතාවක් සඳහා පුද්ගලයෙකුට හෝ ආයතනයක් වෙනුවෙන්ම නිපදවනු ලබන මෘදුකාංග මෙලෙස හඳුන්වයි. උදාහරණයක් ලෙස හෝටලයකට සාදනු ලබන hotel reservation system එකක් ගත හැකිය.


Open Source

මෙවැනි මෘදුකාංග නිපදවනු ලබන්නේ මූල්‍යමය ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නොවේ. නොමිලේ භාවිතය සඳහා මේවා ගත කල හැකි මෙන්ම මෙවැනි මෘදුකාංග වල මූලාශ්‍ර කේතය හෙවත් source code එක නොමිලේම ඕනෑම කෙනෙකුට ලබාගෙන එය වැඩි දියුණු කර වෙනත් මෘදුකාංග සෑදීමේ හැකියාවද පවතී.

පහත දැක්වෙන්නේ Open Source මෘදුකාංග එකතුවකි