URL කෙටිකර මුදල් උපයමු

URL කෙටිකර මුදල් උපයමු

අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන විවිධ ක්‍රම ගැන කතා කරද්දී අමතක කරන්නම බැරි දෙයක් තමයි මේ url හෙවත් links කෙටිකර මුදල් ඉපයීම කියන්නේ. මුලින්ම දැනගන්න ඕන මොකක්ද මේ url එකක් කියන්නේ කියල. url කියන්නේ Uniform Resource Locator හෙවත් අන්තර්ජාලයේ කිසියම් සම්පතක්(resource) තිබෙන ස්ථානය පෙන්වන මාර්ගයයි. උදාහරණයක් ලෙස කිසියම් වෙබ් අඩවියක් තුල page එකක්,file එකක් තිබෙන ආකාරය,තිබෙන ස්ථානය පෙන්වීමට යොදාගන්නා මාර්ගයයි. මේවට අපි links කියලත් කියනවා. අන්තර්ජාලය පුරා විවිධ වෙබ් අඩවි,පිටු එකිනෙක හා සම්බන්ධ වීම කරන්නේ මෙම links මඟිනුයි.


ඉතින් ඔබ බලනවා ඇති කොහොමද මේ links වලින් මුදල් උපයන්නේ කියලා. නිර්මාණශීලීව හිතලා සොයා බලා ලබාගත්තු අමුතුම විදියේ වැඩක් තමයි මෙහිදී සිදුවන්නේ. ඔබ දැකලා ඇති නේද වෙබදවී වල තිබෙන දීර්ඝ links. මේවා ලේසියෙන් කෙනෙක්ට මතක තියාගන්න බැහැ. උදාහරණ ලෙස පහත සඳහන් links බලන්න.

http://www.dailyict.lk/search/label/Basic%20of%20eMoney

http://www.dailyict.lk/2016/11/What-to-Do-When-Drop-Your-phoneinWater.html

http://www.dailyict.lk/search/label/Top%20Articles?&max-results=8

දැක්ක නේද? මේ url හරිම දිගයි වගේම අපැහැදිලියි. මෙන්න මේ වගේ url කෙටි කිරීමට අපි කියනව shorten urls කියල. google ඇතුළු ගොඩක් වෙබ් අඩවි දිග url කෙටි කර දැක්වීමට අවශ්‍ය සේවා සැපයීම කරනවා. ඒ අතුරින් එසේ url කෙටි කර එමඟින් මුදල් උපයන්න ක්‍රමවේදයකුත් මේ වනවිට සොයාගෙන තිබෙනවා. අපි මේ කියන්න යන්නෙත් එහෙම url කෙටි කර මුදල් උපයන්න භාවිතා කරන වෙබ්අඩවි ගැන සහ එසේ මුදල් උපයන්නේ කෙසේද යන්නයි.

කොහොමද මේ කෙටි url මඟින් මුදල් උපයන්නේ?


ඉහත තිබෙන වගේ ඉතා දිග url අරගෙන ඒවා කෙටි කරගන්න ඕන.එය අපිට පහත වෙබ් අඩවි තුලින් පහසුවෙන්ම කරගන්න පුළුවන්.මෙම දිගු url සමහරවිට කිසියම් වෙබ් පිටුවකට යන,කිසියම් file එක්ක download කරගන්න පුළුවන් හෝ මොනයම් ආකාරයක හෝ එකක් විය හැකිය. ඔබ එම දිගු url එක කෙටි කරගෙන, එම කෙටි url එක අන්තර්ජාලයේ නිදහස් කරනවා. සමාජ ජාල වෙබ් අඩවි වල, ඔබේ වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක,එහෙමත් නැතිනම් forum එක්ක වගේ ගොඩක් පුද්ගලයින් යන එන තැන් වල එම කෙටි url add කරන්න ඕන.එවිට කිසියම් කෙනෙක් එම url click කර අදාළ link එකට පිවිසෙන්න ගියාම ඔහුට/ඇයට තත්පර 5ක පමණ කුඩා වෙළඳ දැන්වීමක් (ad) නැරඹීමට සිදුවෙනවා. අන්න ඒ දැන්වීම් බැලීම නිසා ඒ link එක යොදපු ඔබට මුදලක් ලැබෙනවා අදාළ සමාගමෙන්. ඕක තමයි මූලික වශයෙන් සිදුවෙන දෙය.

පහත සඳහන් බොහෝ වෙබ් අඩවි එසේ url visits 1000කට $ 5ත් 10ත් අතර මුදලක් දෙනවා. බැලූ බැල්මට පේන්නේ මෙය කුඩා මුදලක් වගේ. නමුත් හිතන්න දිනකට කොච්චර ප්‍රමාණයක් සමාජ ජාල වෙබ් අඩවි හරහා අන්තර්ජාලයට පිවිසෙනවද කියල. ඔබට දිනකට එක link එකකින් visits 1000ක් ගන්න බැරි වැඩක් නෙවෙයි, හැබැයි කරන්න ටිකක් අමාරු වැඩක්. උත්සාහ කලොත් බැරි වෙන්නේත් නැහැ. ඒ වගේ links 10කින් ඔබට දිනකට visits = 10x1000 ක් ලැබෙනවා. ඒ කියන්නේ visits 10,000ක්. මාසෙටම visits 10,000x30 = 300,000 ක් ලබාගන්න පුළුවන්. visits 1000ට $5 ක් නම්,visits 300,000 ට කීයද?

$ 1500 ක් නේද? රුපියල් වලින් බැලුවොත් 1500x150 = රු.225,000/=

කොහොමද වැඩේ? අපි ඔය ගණන් දැම්මේ අඩුම විදියට. මීට වඩා වැඩිපුර ගෙවන අවස්ථා සහ ආදායම් වැඩි කරගන්න පුළුවන් ක්‍රම අනන්තවත් තිබෙනවා. ඔබට තියෙන්නේ පොඩ්ඩක් නිර්මාණශීලීව සිතීම පමණයි. ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම අපි කරන්නම්. එසේනම් ඔබට තියෙන්නේ පහත සඳහන් වෙබ් අඩවි වල ලියාපදිංචි වී වැඩේ ආරම්භ කිරීමයි.

1. adf.ly




2. shorte.st



3. al.ly



4. Shink.in



5. Linkbucks



ඉහත සඳහන් banner භාවිතා කර ඔබත් අදම ලියාපදිංචි වන්න. මෙම එක් එක් වෙබ් අඩවිය හරහා මුදල් ඉපයීම කරන අයුරු ඉදිරි කොටස් වලින් ඔබට බලාගන්න පුළුවනි.

Related Articles