Breaking
Loading...
Programming Languages ගැන කරුණු - I

Programming Languages ගැන කරුණු - I

පරිඝනක වැඩසටහන් නිර්මාණය කිරීමට යොදාගන්නා භාෂා ගැන ඔබ දන්නවා ඇතිනේ.නමුත් සමහර අපි නොදන්නා කරුණු රාශියක් තියෙනවා Programming Languages ගැන. මේ කියන්නේ එහෙම කරුණු කිහිපයක් ගැනයි.


* ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා මුල් කාලවල භාවිතා කළ Programming Language වූයේ short codes වේ.

* FORTAN යන භාෂාව 1957 දී IBM සමාගම විසින් නිර්මාණය කරන ලද්දේ විද්‍යාත්මක පරිඝනකකරණය සඳහාය.

* LISP යන Programming Language නිර්මාණය කරන ලද්දේ කෘත්‍රීම බුද්ධිය සම්බන්ධ නිර්මාණ සඳහාය.

* Pascal යන Programming Language නිර්මාණය කරන ලද්දේ Niklans Wirth විසිනි.

* C නම් Programming Language නිර්මාණය කරන ලද්දේ Dennis Ritche විසිනි.

* Games නිර්මාණය කිරීමට බහුලවම C++ යොදාගනී.

* Java යන Programming Language නිර්මාණය කරනු ලැබුවේ James Goslin විසිනි.

* BASIC යන Programming Language යොදාගෙන Visual Basic නම් Programming Language නිර්මාණය කරන ලදී.

* Perl නම් Programming Language 1987 දී Larry Wall විසින් සම්පාදනය කරන ලදී.

* PHP යනු වෙබ් පිටු නිර්මාණය කිරීමට යොදාගන්නා Programming Language එකකි.

* FORTRAN යන්නෙහි අර්ථය Formula Translation system වේ.

* LISP යන්නෙහි අර්ථය LIST PROCESSING වේ.

* ALGOL යන්නෙහි අර්ථය ALGORITHMIC වේ.

* PERL යන්නෙහි අර්ථය Practical Extraction and Reporting Language වේ.

* BASIC යන්නෙහි අර්ථය All purpose symbolic instruction code වේ.

* CORAL යන්නෙහි අර්ථය On - line Real - time Applications Language වේ.

* PHP යන්නෙහි අර්ථය Personal Home Page වේ. නමුත් වර්තමානයේ එහි අර්ථය Hypertext Pre - Processor වේ.