
A/L ICT
Cloud Computing
Higher Education
O/L ICT
Top Articles
Top File Sharing Web Sites
ඔබට දුර ඉන්න යාලුවෙකුට තරමක් විශාල file එකක් යවන්න ඕන කියලා අපි හිතමු. එහෙම උනොත් මොකද කරන්නේ? email එක භාවිතා කරලා ඒ වැඩේ කරන්න පුලුවන්ද? බැහැ නේද? email එකක් හරහා යවන්න පුළුවන් උපරිම file එකේ ප්‍රමාණය තමයි 25MB. ඔන්න ඔය වෙලාවට තමයි අපිට file sharing වෙබ් අඩවියක සහය අවශ්‍යය වන්නේ. file එක share කරන්න කලින් එය upload කරන්නත් ඕන නේද? එහෙනම් files ගබඩා කරලා තබාගන්න පුළුවන් ක්‍රමයක් තිබෙන්න ඕන.

ඒ වගේම මෙහෙම හිතන්න, ඔබගේ වටිනා files පරිඝනකයේ තියාගන්නේ නැතුව cloud drive එකක ගබඩා කර තබන්න ඕන කියල. මොකද cloud drive එකක files දැම්මම ඔබට අවශ්‍ය වේලාවක ලොව කොහේ හිටියත් ඕනෑම තැනකින් ඒ files නැවත ලබාගන්න, ඒ වගේම ඒවා අනිත් අය සමඟ හුවමාරු කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මෙන්න මේ වගේ files ගබඩා කර ඒවා share කරගන්න,නැවත download කරගන්න පුළුවන් සේවා සපයන වෙබ් අඩවි කිහිපයක් ගැන තමයි මේ කියන්න යන්නේ.
1. Google Drive
Google සමාගමේ සේවාවක් වන මෙමඟින් ඔබට 25GB ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් මුදල් ගෙවා 1TB දක්වා එම ඉඩ පහසුකම් දීර්ඝ කරගත හැකියි. Gmail ගිණුමක් නිර්මාණය කරන සැමට මෙම 25GB ප්‍රමාණය නොමිලේම ලැබෙනවා.

2. OneDrive
Microsoft සමාගම විසින් සපයන cloud drive සේවාව මෙය වේ. Hotmail ගිණුමක් නිර්මාණය කරන ඕනෑම කෙනෙකුට 5GB ප්‍රමාණයක ඉඩ අවකාශයක් ඔබට නොමිලේම ලැබෙන අතර ඔබට අවශ්‍ය නම් 50GB, 1TB cloud අවකාශයක් මිලදී ගත හැකිය.

3. Dropbox
ඇමරිකාවේ Dropbox, Inc සමාගමේ සේවාවක් වන මෙමඟින් ඔබට නොමිලේම 3GB ක ඉඩක් ලබාගන්න පුළුවන්. ඔබගේ වටිනා files කුමන ආකාරයේ ඒවා වුනත් පහසුවෙන් ගබඩා කර share කරගැනීම හැකියාව මෙමඟින් ලැබෙනවා. මුදල් ගෙවා 1TB ඉඩක් ලබාගැනීම හැකියාවද මෙහි තිබෙනවා. එමෙන්ම මෙහි ඇති referral වැඩසටහන මඟින් ඔබේ හිත මිතුරන්ට මේ වැඩසටහනට ආරාධනා කර එම සෑම ලියාපදිංචියකටම 500MB ක් ලබාගන්න පුළුවන්.

4. MediaFire
ඉතා ජනප්‍රිය files ගබඩා කිරීමේ හා share කිරීමේ පහසුකම් ලැබෙන වෙබ් අඩවියක් ලෙස මෙය හැඳින්විය හැක. නොමිලේ ලියාපදිංචි වී 10GB ක ඉඩක් ලබාගත හැකි අතර ඒ ඔස්සේ ඔබට අසීමිත භාගත කිරීම සිදු කරගන්න පුළුවන්. එමෙන්ම මෙම වැඩසටහනට ඔබේ මිතුරන් හඳුන්වා දීමෙන්,ඔබේ facebook ගිණුම,Twitter ගිණුම link කිරීම වැනි ක්‍රියාකාරකම් මඟින් 35GB දක්වා ඔබේ ඉඩ අවකාශය නොමිලේම වැඩි කර ගන්න පුළුවන්.මුදල් ගෙවීමෙන්ද 1TB සහ 100TB cloud අවකාශයක් ඔබට ලබාගන්න පුළුවන්.

5. Mega
තවත් එක් ජනප්‍රිය cloud සේවාවක් තමයි මේ Mega ලෙස හඳුන්වන්නේ. නමේ හැටියටම ඉතා විශාල cloud ඉඩ අවකාශයක් මෙමඟින් ලැබෙනවා. නොමිලේ ලියාපදිංචි වීමේදී 50GB තරම් විශාල ඉඩක් ඔබට ලබාගන්න පුළුවන්. ඉන්පසුව 200GB සිට 4TB දක්වා විශාල ඉඩක් මෙමඟින් ලබාගන්න පුළුවන්.


6. FireDrop
10GB ක ඉඩක් නොමිලේ ලැබෙන වෙබ් අඩවියක් තමයි මේ FireDrop ලෙස හඳුන්වන්නේ.100GB සිට 3TB දක්වා වැඩිපුර ඉඩ අවකාශයක් ලබාගැනීමේ හැකියාවද මෙහිදී ඔබට හිමි වෙනවා.ඔබට අවශ්‍ය නම් ඔබගේ files මුරපදයක් යොදා ආරක්ෂාකාරීව share කිරීමටද හැකිය.


7. FlipDrive
තවත් 10GB ලබාගන්න පුළුවන් වෙබ් අඩවියක් තමයි මේ FlipDrive ලෙස හඳුන්වන්නේ. ඔබටත් නොමිලේ ලියාපදිංචි වී ඔබගේ වටිනා files තැන්පත් කිරීමට 10GB ලබාගන්න පුළුවන්. එමෙන්ම මෙම සේවාවට ඔබේ මිතුරන්ට ආරාධනා කර ඔවුන්ගේ ලියාපදිංචි වීම් හරහා 500MB ලෙස තව 10GB ක් දක්වා ඔබේ ඉඩ වැඩි කරගත හැකිය.
8. UsersFiles
කිසිම ආයතනයකින් ලබානොදෙන විශිෂ්ඨ cloud සේවාවක් තමයි මෙම UsersFiles කියලා කියන්නේ. ඔවුන්ගේ files ගබඩා කිරීමේ පහසුකම අසීමිතයි. ඒ කියන්නේ unlimited තියෙන්නේ. ඒ වගේම upload කල හැකි files වල ප්‍රමාණයන් ද (file size) අසීමිත වෙනවා. download කිරීමටද සීමා පනවා නැහැ. වැඩි ඉඩක් හෝ විශේෂ සේවා ලබාගැනීමට premium ගිණුම් නිර්මාණය කරන්න අවශ්‍යත් නැහැ. නොමිලේ ගිණුමක් නිර්මාණය කර මෙම සේවාවන් ලබාගත හැකි මෙන්ම, ගිණුමක් නොමැතිව වුවද files upload කර අන් අයට සීමිත කාලයකට share කිරීමේ හැකියාව මෙහි තිබෙන විශේෂ ලක්ෂණයක් වෙනවා. සදාකාලිකවම files ගබඩා කර තබන අතර කිසියම් file එකක් එක දිගට අවුරුද්දක් පුරාවට download කරන්නේ නැතිව අක්‍රීය තත්වයේ තිබුනොත් පමණක් ඒවා ඔවුන්ගේ server වලින් delete වීම සිදුවේ. මෙය files download කිරීමේ පහසුකම ලබාදෙන වෙබ් අඩවියකට file server එකක් ලෙස යොදාගන්න හැකියාව ඇත.
පහත සඳහන් banner එක click කර ඔබට පහසුවෙන්ම මෙම සේවාව ලබාගත හැකිය.

9. FiletoLink
මේකත් අසීමිතව files ගබඩා කල හැකි cloud සේවාවක්. upload කල හැකි උපරිම file එකක ප්‍රමාණය 2GB වෙනවා. එමෙන්ම ඇති තරම් files එකවර download කිරීමේ හැකියාවද මෙයට තිබෙනවා. දීර්ඝ කාලීනව සක්‍රීය තත්වයේ නොපවතින files පමණක් server එකෙන් ඉවත්වීම සිදුවෙනවා.මෙහි විශේෂත්වය වන්නේ ගිණුමක් නිර්මාණය නොකර වුවද ඔබට සේවාව භාවිතා කල හැකි වීමයි. මෙය බොහෝවිට files download කිරීමේ පහසුකම ලබාදෙන වෙබ් අඩවියකට file server එකක් ලෙස යොදාගන්න පුළුවන්.
මේකත් අසීමිතව files ගබඩා කල හැකි cloud සේවාවක්. upload කල හැකි උපරිම file එකක ප්‍රමාණය 2GB වෙනවා. එමෙන්ම ඇති තරම් files එකවර download කිරීමේ හැකියාවද මෙයට තිබෙනවා. දීර්ඝ කාලීනව සක්‍රීය තත්වයේ නොපවතින files පමණක් server එකෙන් ඉවත්වීම සිදුවෙනවා.මෙහි විශේෂත්වය වන්නේ ගිණුමක් නිර්මාණය නොකර වුවද ඔබට සේවාව භාවිතා කල හැකි වීමයි. මෙය බොහෝවිට files download කිරීමේ පහසුකම ලබාදෙන වෙබ් අඩවියකට file server එකක් ලෙස යොදාගන්න පුළුවන්.


10. TinyUpload
ගිණුමක් නොමැතිව වුවද files upload කර share කිරීමට link එකක් ලබාගත හැකි වෙබ් අඩවියක් තමයි මෙය. නම සඳහන් වන ආකාරයටම කුඩා files share කිරීමට මෙය භාවිතා කල හැකිය. මෙහි upload කල හැකි file එකක උපරිම ප්‍රමාණය 50MB වෙනවා. download වේග සීමා හෝ upload කල හැකි files සීමා මෙහි නැහැ. එම නිසා කුඩා files download කිරීමේ පහසුකම් ලබාදෙන වෙබ් අඩවියක file server එක ලෙස මෙය යොදාගන්න පුළුවන්.

