Breaking
Loading...

DBMS නිර්මාණ ශිල්පය

dbms වල නිර්මාණකරණය රඳා පවතින්නේ එහි නිර්මාණ ශිල්පය මතය. එය කේන්ද්‍රගත ලෙස හෝ විකේන්ද්‍රිගත පිළිවෙලකට නිර්මාණය වී හැකිය. dbms, එක් තට්ටු හා බහු තට්ටු ලෙස නිර්මාණය වී හැකිය. බහු තට්ටු ආකෘතියට n ප්‍රමාණයක් තට්ටු පැවතිය හැකිය.  නමුත් මෙම සෑම ආකාරයකටම වඩා dbms වල තිබෙන ප්‍රධාන ආකෘති ආකාරයක් වන්නේ තුන් තට්ටු ආකෘතිය හෙවත් 3-tier architecture වේ.



3-tier architecture

මෙහිදී dbms සඳහා භාවිතා කරන දත්ත,පරිශීලකයින් සහ ඒවායේ සරල බව හෝ සංකීර්ණත්වය අනුව 3-tier architecture නිර්මාණය වේ. මෙහිදී ප්‍රධාන වශයෙන්ති බෙන තට්ටු තුනක් ඇත.

Database/Data Tier -

මෙම තට්ටුව තුල විමසුම් භාෂා ක්‍රියාත්මක වීම හරහා දත්ත සහ ඒවා අතර සම්බන්ධකම් ඇතිවීම සිදුවේ.


Application/Middle Tier -

දත්ත ගබඩාවට සම්බන්ධ වීමට හැකිවන පරිදි විවිධ මෘදුකාංග (appilcations) සහ වැඩසටහන් ක්‍රියාත්මක වීම සිදුවන්නේ මෙම ස්තරය තුලය. පරිශීලකයකු සඳහා database තුල තිබෙන දේවල් පෙන්නුම් කරන කොටස සහ දත්ත සැකසුම් ස්තරය සම්බන්ධ කරන ස්තරය වන්නේද මෙයයි.

User/Presentation Tier -

පරිශීලකයින්ට දත්ත වලට ප්‍රවිෂ්ට වීමට,ඒවා බැලීමට අවස්ථාව ලැබෙන්නේ මෙම ස්තරය හරහාය. මෘදුකාංගයක් හරහා database එකේ ඇති දේවල් විවිධ ආකාරයෙන් view කිරීම සිදුවන්නේ මෙහිදීය.


DBMS අනුරූ -


dbms අනුරූ හෙවත් dbms models යනු dbms එක ගණිතමය සහ තාර්කනුකූලව සකස් වී ඇති ආකාරය නිරූපණය කරන ක්‍රමවේදයයි. database එකක් තුල entitis හෙවත් වස්තූන් සැකසී ඇති ආකාරය data models වලින් සිදුවේ. දත්ත එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය,ඒවා සකස් වී ඇති ආකාරය සහ ගබඩා වී ඇති ආකාරය data models මඟින් මනාව විදහා දැක්වේ.

පළමු දත්ත අනුරුව වන්නේ flat-data model වන අතර එමඟින් සියලුම දත්ත එකම සම තලයක තිබෙන ආකාරය නිරූපණය කරයි. මෙම පැරණි ක්‍රම විද්‍යානුකූල නොවන අතර දත්ත ද්විත්ව පිටපත්වීම් (duplicate) සහ වැරදි ලෙස යාවත්කාලීන වීම සිදුවේ. මෙවැනි අඩුපාඩු සහ වර්තමානයේ දත්ත සහ තොරතුරු වල ඇති සංකීර්ණත්වය නිසා නව dbms සංකල්ප සමඟ dbms අනුරූ ඇතිවීම සිදුවිය.

1. Entity-Relationship Model -ER (වස්තු සම්බන්ධතා අනුරුව)

සත්‍ය ලෝකයේ තිබෙන වස්තූන් සහ ඒවා අතර තිබෙන සම්බන්ධකම් නිරූපණය කරන අනුරුවක් ලෙස මෙය හැඳින්විය හැකිය. ER අනුරුවක වස්තූන්,එම වස්තූන්ගේ ගුණ සහ ඒවා අතර ඇති සම්බන්ධකම් මනාව නිරූපණය කරයි. database එකක් සංකල්පිත ලෙස නිර්මාණය කිරීම සඳහා ER අනුරුව බෙහෙවින් යෝග්‍ය වේ.
පහත සටහනින් එවැනි ER අනුරුවක සටහනක් දැක්වේ.



* Entity - සත්‍ය ලෝකයේ තිබෙන ගුණාංග/උපලක්ෂණ (attribute) ඇතුලත් වන වස්තූන් entity ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස පාසල් දත්ත ගබඩාවක තිබෙන සිසුවෙක් වස්තුවක් ලෙසද, එම සිසුවාගේ නම,වයස,පන්තිය ආදිය attribute හෙවත් උපලක්ෂණ ලෙස හැඳින්විය හැක.

* Relationship - වස්තූන් අතර ඇති සම්බන්ධයන් Relationship ලෙස හැඳින්වේ. වස්තූන් දෙකක් සම්බන්ධ වන ආකාරය අනුව ප්‍රධාන ආකාර කිහිපයක් තිබේ.

Mapping cardinalities − (අනුරූපන ප්‍රමුඛතා)

one to one (එකට-එක)
one to many (එකට-බොහොමයක්)
many to one (බොහොමයකට-එකක්)
many to many (බොහොමයකට-බොහොමයක්)


2. Relational Model (සම්බන්ධක අනුරුව)

dbms වල භාවිතා වන ජනප්‍රියම සහ ප්‍රධානම අනුරුව වන්නේ මෙයයි. අනිත් අනුරූ වලට වඩා මෙය විද්‍යානුකූල අනුරුවක් වේ. මෙම අනුරුවේ ඇති ප්‍රධාන ලක්ෂණ පහත දැක්වේ.

* වගු තුල ගබඩා වී ඇති දත්ත වලට සම්බන්ධයන් යයි කියනු ලැබේ.
* සම්බන්ධකම් ප්‍රමත තත්වයට (normalize) පත්කරනු ලබයි.
* මෙවැනි ප්‍රමත සම්බන්ධකම් වල ඇති අගයන් කුඩාම අගයන් හෙවත් පරමාණුක අගයන් ලෙස ගබඩා වේ.
* සෑම සම්බන්ධකමක්ම තිබෙන පේළියක අසමසම (unique) අගයක් තිබේ.
* සෑම සම්බන්ධකමක්ම තිබෙන සිරස් පේලියකම ඇති අගයන් එකම විෂය පථයකින් පැමිණේ.