
දත්ත සහ තොරතුරු පාදක කරගත් පසුබිමක තිබෙන ප්‍රධානතම අංගයක් වන්නේ database යන්නයි. කුමක්ද මේ database කියලා කියන්නේ?
දත්ත වලින් තොරතුරු නිර්මාණය කරන දත්ත එකතුවකට,දත්ත ගබඩා කර තබාගන්නා කොටසකට database එකක් යයි කියනු ලැබේ. බොහෝ වෙලාවට දත්ත මඟින් නිරූපණය කරනු ලබන්නේ වාර්තාකර තබාගන්නා කරුණු වේ.
උදාහරණයක් ලෙස පන්තියක සිසුන්ගේ විෂය ලකුණු වලින් ඔවුන්ගේ පන්තියේ වෙනියා සහ මධ්‍යනය ලකුණු ගණනය කල හැකිය. මෙහි සිසුන්ගේ ලකුණු දත්ත ලෙසද මධ්‍යනය ලකුණු තොරතුරු ලෙසද ගත හැකිය. database management system යනු දත්ත භාවිතා කර,ඒ මඟින් තොරතුරු නිර්මාණය කර,ගබඩා කර තබාගනිමින් අවශ්‍ය වූ විට නැවත ලබාගැනීමට භාවිතා කරන පද්ධති වේ.

DBMS සතු ලක්ෂණ -
* Real-world entity - (සත්‍ය ලෝකයේ වස්තු)
නවීන DBMS වල ඇති ප්‍රධානතම සහ විශේෂ ලක්ෂණයක් වන්නේ එහි ඇති දත්ත නිර්මාණය වන්නේ සත්‍ය ලෝකයේ තිබෙන වස්තූන් සහ ඒවායේ ගුණාංග නිරූපණය කරන ආකාරයටය.
උදාහරණයක් ලෙස පාසලක ඇති දත්ත ගබඩාවක (database) සිටින සිසුන් වස්තූන් ලෙසද, ඔවුන්ගේ වයස උපලක්ෂණ/ගුණාංග ලෙස හැඳින්විය හැකිය.
* Relation-based tables - (සම්බන්ධකම් මත ගොඩනැඟුණු වගු)
DBMS මඟින් වස්තූන් සහ ඒවා අතර ඇති සම්බන්ධයන් නිරූපණය කරන ස්වරූප වගු මඟින් පෙන්නුම් කරයි. එම නිසා user කෙනෙකුට database එකේ ආකෘතිය පහසුවෙන් තේරුම් ගත හැකිය.
* Isolation of data and application - (දත්ත සහ යෙදවුම් වෙන්කිරීම)
database එකක් දත්ත වලින් සම්පූර්ණයෙන්ම වෙනස් වේ. database එකක් යනු ක්‍රියාකාරී වස්තුවක් වන අතර දත්ත යනු අක්‍රීය කොටස් වේ. මක්නිසාද යත් දත්ත මඟින් සෘජුවම අදහසක් ලබාගත නොහැකි නිසාය.
එමෙන්ම dbms තුල meta data හෙවත් දත්ත ගැන දත්ත අඩංගු වේ. එවිට ක්‍රියාකාරීත්වය පහසු වේ.
* Less redundancy - (අඩු අතරික්තතාවය)
dbms මඟින් වටිනාකම් ඇති සමරික්තතා වලට ඇති සම්බන්ධයන් වන ප්‍රමිතිකරණයන් ගැන නීති (rules of normalization) අනුගමනය කරයි.
* Consistency - (ඝනත්වය)
මින් අදහස් කරනු ලබන්නේ දත්ත ගබඩාවේ (database) ඇති සෑම සම්බන්ධයක්ම ස්ථිර තත්වයක පවතින බවයි. එය තුල ශිල්පීය ක්‍රම සහ රීති සමන්විත වේ.
* Query Language - (විමසුම් භාෂා)
database නිර්මාණය කිරීමේදී අත්‍යාවශ්‍ය භාෂාවක් වන්නේ Query Languages වේ. දත්ත සහ ඒවා අතර සම්බන්ධයන් නිර්මාණය වන්නේ මේ හරහාය. මෙම Query Languages නිසා පහසුවෙන් සහ වඩාත් කාර්යක්ෂමව දත්ත මෙහෙයවීමේ සහ නැවත ලබාගැනීමේ හැකියාව ඇත. සාම්ප්‍රදායික file සැකසුම් පද්ධති වලට වඩා Query Language භාවිතය පහසුවේ.
* Multiuser and Concurrent Access - (බහු පරිශීලක සහ සමගාමී ප්‍රවිෂ්ඨය)
එකවර පරිශීලකයින් රාශියකට සම්බන්ධ වීමේ හැකියාව සහ දත්ත ලබාගැනීම මෙන්ම මෙහයවීමේ හැකියාවද dbms මඟින් ලැබෙන තවත් සහයකි. කෙසේ වුවත් එකම දත්තය පරිශීලකයින් කිහිපදෙනෙක් භාවිතා කරනවිට සීමා සහ නියමයන් වලට අදාලව සිදුවේ.
* Multiple views - (බහුවිධ පෙනුම්)
dbms හරහා විවිධ පරිශීලකයින්ට බහුවිධ පෙනුම් ලබාදීමේ හැකියාව ඇත. උදාහරණයක් ලෙස එකම database එක භාවිතා කරන විකුණුම් අංශයේ පරිශීලකයෙකුට පෙනෙන ආකාරයට වඩා වෙනස් ආකාරයකට
නිෂ්පාදන අංශයේ පරිශීලකයෙකුට database එක පෙන්නුම් කරයි. මෙම ලක්ෂණ ලැබෙන්නේ එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතාවයන් සහ ඔවුන්ට ලැබී තිබෙන අවසර සීමා මායිම් අනුවය.
* Security − (ආරක්ෂාව)
dbms වල තිබෙන ආරක්ෂාව ඉතා ඉහල වේ. දත්ත ගබඩාව භාවිතා කරන අයට ඔවුන්ට ප්‍රවිෂ්ඨ විය හැකි අදාළ දත්ත පමණක් මෙහෙයවීම ලබාගැනීම සිදුකල හැකිය. මේ නිසා අනවශ්‍ය පුද්ගලයින් අතට දත්ත යාමේ හැකියාව නොමැත.
DBMS users -
දත්ත ගබඩාව භාවිතා කරන්නන් database users ලෙස හැඳින්වේ. ඔවුන් දත්ත ගබඩාව භාවිතා කරන අරමුණු සහ කරන කාර්යයන්ට අනුව ඔවුන්ට ලැබී ඇති විවිධ අවසර,සීමාවන් සහ හිමිකම් අනුව දත්ත ගබඩාව භාවිතා කල හැකිය. සමහර පරිශීලකයින්ට දත්ත ඇතුලත් කිරීම,වෙනස් කිරීම කල හැකි අතර තවත් අයට දත්ත බැලීමේ හැකියාව පමණක් ඇත. ඒ ඔවුන්ගේ තරාතිරම සහ අවසරය මත සිදුවන්නකි.
පහතින් දැක්වෙන්නේ ප්‍රධාන dbms users වර්ග වේ.

1. Admin - (පරිපාලකයින්)
admin හෙවත් administrators යනු dbms සඳහා මූලික වශයෙන් වගකියනු ලබන දත්ත ගබඩාව පරිපාලනය කරනු ලබන කොටස වේ. admin විසින් dbms භාවිතා කල හැක්කේ කාටද, ඔවුන්ට කුමන සීමාව යටතේ dbms භාවිතා කල හැකිද, ඔවුන්ගේ ක්‍රියාකලාපයන් විමසුම් කර dbms ආරක්ෂා කරගැනීම ආදිය හැක.
2. End users - (අවසන් පරිශීලකයින්)
dbms සත්‍ය වශයෙන් භාවිතා කරන,dbms හරහා ප්‍රයෝජන ලබාගන්නා පුද්ගලයින් මෙම කොටසට හැඳින්වේ. ඔවුන්ට දත්ත ගබඩාවට ප්‍රවිෂ්ඨ වීමට,එහි ඇති දෑ නැරඹීමට,දත්ත ඇතුලත් කිරීමට සහ වෙනස් කිරීමට හැකියාව ලැබේ. නමුත් එම හැකියාවන් admin විසින් ලබාදෙන අවසර සහ සීමාවන් වලට යටත් වේ.
3. Designers - (නිර්මාණකරුවන්)
database එක නිර්මාණය කරන කණ්ඩායම මේ වර්ගයට අයත් වේ. ඔවුන් විසින් කුමන ආකාරයේ දත්ත, කුමන වර්ගයට සකස් විය යුතුද යන්න තීරණය කරන්නේ සහ ඒවා නිර්මාණය කරන්නේද designers විසිනි.
එමෙන්ම ආරක්ෂාව (security) සම්බන්ධ සැකසුම් කරන්නේද ඔවුන් වේ.