
3. තුන්වන පරම්පරාව -
පරිඝනක වල තුන්වන පරම්පරාව ලෙස හැඳින්වෙන්නේ 1975-1971 දක්වා කාලයයි. දෙවන පරම්පරාවේ භාවිතා කල ට්‍රාන්සිස්ටර්ස් වෙනුවට තෙවන පරම්පරාවේ භාවිතා කලේ IC හෙවත් Integrated Circuits (අනුකලිත පරිපථ) වේ.

මෙම එක් IC එකක transistors,resistors(ප්‍රතිරෝධක) සහ capacitors (ධාරිත්‍රක) වල එකතුවෙනි.

IC සොයාගනු ලැබුවේ ජැක් කිල්බි නම් පුද්ගලයා විසිනි.

මෙම IC භාවිතය සමඟ පරිඝනක වල වේගය,කාර්යක්ෂමතාවය වැඩි වූ අතර ප්‍රමාණයෙන් කුඩා විය. එමෙන්ම අඩු විදුලි ශක්තියක් වැයවූ අතර නිපදවන තාප ප්‍රමාණයද අඩුවිය. උසස් ක්‍රමලේඛන භාවිතා කර බහු තාක්ෂණික පරිඝනක නිර්මාණය මෙම අවධියේදී සිදුවිය.
FORTRAN − IITOIV, COBOL, PASCALPL/1, BASIC, ALGOL − 68 යනු තෙවන පරම්පරාවේ පරිඝනක සඳහා භාවිතා කල ක්‍රමලේඛන භාෂා වේ.
IBM-360 series, Honeywell-6000 series, PDP (Personal Data Processor), IBM-370/168, TDC-316 යනු තෙවන පරම්පරාවේ පරිඝනක වලට උදාහරණ වේ.

IBM-360 series

Honeywell-6000 series

PDP (Personal Data Processor)
IBM-370/168