Breaking
Loading...
Arduino සිංහලෙන් - III

Arduino සිංහලෙන් - III

Arduino ස්ථාපනය කිරීම



දැන් අපි බලමු කොහොමද Arduino පුවරුවක් පරිඝනකයට සම්බන්ධ කර නිවැරදිව වැඩසටහන්කරණ කරන්නේ කියලා.

1. මුලින්ම Arduino පුවරුව USB cable එකක් සමඟ සම්බන්ධ කර ගත යුතුයි.



2. Arduino වෙබ් අඩවියෙන් ඔබට Arduino නවතම සංස්කරණය නොමිලේම download කරගන්න පුළුවන්. ඔබගේ පරිඝනක මෙහෙයුම් පද්ධතියට ගැලපෙන මෘදුකාංගය ලබාගන්න.

https://www.arduino.cc/en/Main/Software

3. Arduino පුවරුව USB cable එක හරහා පරිඝනකයට සම්බන්ධ කරගන්න. දැන් පුවරුවේ ඇති කොළ පැහැති LED බල්බය දල්වේවි.

4. Arduino IDE මෘදුකාංගය download කිරීමෙන් පසුව විවෘත කරගන්න.

5. දැන් ඔබ ඔබගේ පළමු Arduino ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානම්. එසේත් නැතිනම් දැනට සකස් කර ඇති Arduino ව්‍යාපෘතියක් නැවත සැකසීමත් කල හැකිය.
ඔබට අවශ්‍ය නම් Arduino IDE එකෙහි ඇති උදාහරණ ව්‍යාපෘති තොරාගනීමත් කරන්න පුළුවන්.

6. සිදුවිය හැකි දෝෂ මඟ හරවා ගැනීමට ඔබගේ නිවැරදි Arduino පුවරු වර්ගය තෝරාගැනීමට Go to Tools -> Board -> select your board ලබාදෙන්න.

7. ඉන්පසුව ඔබගේ Arduino පුවරුවට ගැලපෙන ශ්‍රේණිගත උපකරණය (serial device) තෝරාගන්න. මේ සඳහා Tools -> Serial Port යොදාගන්න මෙහිදී COM3 ලබාදීම වඩාත් සුදුසුයි.

8. දැන් ඉතින් අවශ්‍යම වැඩේ තමයි කරන්න තිබෙන්නේ. ඒ තමයි Arduino පුවරුවට වැඩසටහන upload කිරීම. IDE පසුබිමේ ඇති upload බොත්තම click කිරීමෙන් ඔබට එය පහසුවෙන් කල හැකිය.
එවිට ඔබට RX සහ TX LED බල්බ දැල්වෙන බව දැකගත හැක. සාර්ථකව upload වීමෙන් අනතුරුව "Done uploading" ලෙස පණිවිඩය දැකගන්න පුළුවන්.