Breaking
Loading...
ඔබේ Pen Drive එක RAM එකක් කරගන්න

ඔබේ Pen Drive එක RAM එකක් කරගන්න



පරිඝණකයක තිබෙන ප්‍රධානම උපාංගයක් තමයි RAM, එහෙමත් නැතිනම් Random Access Memory කියලා කියන්නේ. පරිඝනකය ක්‍රියාත්මකව තිබෙන අවස්ථාවේදී දත්ත තාවකාලිකව තැන්පත් කර තිබෙන ප්‍රාථමික මතකයක් ලෙස RAM එක හැඳින්විය හැකිය. වර්තමානය වනවිට 1GB සිට 4GB දක්වා RAM භාවිතයට ගනු ලබනවා. RAM එකක් යනු නිකන්ම මතකයක් පමණක් නොව සම්පූර්ණ පරිඝනක පද්ධතියම වේගවත් කරන කොටසක්. එම නිසා බොහෝ අය පරිඝනකයක් ගනිද්දී වැඩි අගයකින් යුක්ත RAM එකක් සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. නමුත් අඩු අගයකින් යුක්ත RAM භාවිතා කරන කෙනෙක්ට නම් පරිඝනකයේ මතකය සහ වේගය වැඩි කරගන්න අලුතෙන් RAM එකක් යොදාගන්න සිදු වෙනවා. RAM එකක් තරමක් මිළෙන් වැඩි නිසා බොහෝ අය නැවත එකක් මිළදී ගැනීමට මැලිකමක් දක්වනවා.

අන්න එවැනි අවස්ථාවල අලුතෙන් RAM එකක් මිළදී ගන්නේ නැතුව ඔබ ලග තිබෙන Pen Drive එක යොදාගෙන එය RAM එකක් බවට පත් කරගන්නා ආකාරයයි මේ කියන්න යන්නේ. ඔබේ පරිඝනකය Windows 7,8 හෝ 10 නම් මෙය කරන්න පුළුවන්. ඔබට අවශ්‍ය වන්නේ සාමාන්‍ය Pen Drive එකක් පමණයි. හිතන්න ඔබ ළඟ 1GB pen එකක් තිබෙනවා කියලා. ඔබේ පරිඝනකයේ තිබෙන RAM එකේ ප්‍රමාණය 2GB නම් මෙම ක්‍රමය යටතේ 1GB pen එකත් RAM එකක් බවට පත්කළ පසුව ඔබේ පරිඝනකයේ සම්පූර්ණ RAM අගය 3GB බවට පත්වෙනවා. ඒ කියන්නේ පරිඝනකයේ ප්‍රාථමික මතකය වැඩිවෙනවා මෙන්ම වේගයද වැඩිවෙනවා.පරිඝනක ක්‍රීඩා වලදීත් වැඩි RAM අගයන් ඉල්ලන නිසා මෙම ක්‍රමය මඟින් ඔබට පහසුවෙන එවැනි ක්‍රීඩා play කිරීමේ හැකියාව ලැබෙනවා.

එසේනම් බලමු කොහොමද මෙය සිදු කරන්නේ කියලා...

1. පළමුව ඔබ ලග තිබෙන pen drive එක පරිඝනකයට plug කර එය format කරගන්න. FAT32 ක්‍රමය යටතේ සාමාන්‍ය පරිදි pen එක format කරගන්න.


2. Format කිරීමෙන් පසුව pen එක ගලවා නැවත plug කරන්න.

3. My Computer වෙත ගොස් pen එක මත right click කර ලැබෙන menu එකේ අවසානයට තිබෙන Properties මත click කරන්න.

4. ඉන්පසුව විවෘත වන window එක හරහා ReadyBoost කියන කොටසට යන්න. එහි තිබෙන Use this device මත click කල විට පරිඝනකය විසින්ම ස්වයංක්‍රීයව pen එකෙන් ලබාගත හැකි ඉඩ ප්‍රමාණය මතකය ලෙස ලබාගනීවී. ඔබ විසින් එය වෙනස් කල යුතු වන්නේ නැහැ. එම ලැබෙන ප්‍රමාණයම තිබෙන්න හැර Apply කර Ok කරන්න.


5. දැන් ඔන්න ඔබේ pen drive එක RAM එකක් බවට පත්වී අවසානයි. දැන් ඔබට දැකගන්න පුළුවන් වේවි ඔබේ pen drive එකේ සම්පූර්ණ ඉඩ ප්‍රමාණයම අරගෙන ඇති බව. එසේ වන්නේ මතකය සඳහා අවශ්‍ය වන SFCACHE නම් file වර්ගය pen එක තුල තැන්පත්වීමයි. දැන් ඔබට RAM එකේ ප්‍රමාණය වැඩිකරගෙන ඔබේ වැඩ කටයුතු පහසුවෙන්ම සිදුකල හැකි වෙනවා.

6. ඔබට නැවත pen drive එක අවශ්‍ය නම් එකවර එය පරිඝනකයෙන් ඉවත් කරන්න යන්න එපා. එවිට ඉන් පරිඝනකයට බලපෑම් එල්ලවිය හැකිය. එම නිසා මුලින් කල පරිදිම pen එකේ properties වෙත ගොස් ReadyBoost කොටසේ තිබෙන  Do not use this device click කරන්න. ඉන්පසුව apply කර ok ලබාදී pen එක ඉවත් කරගන්න.


මෙන්න මේ ආකාරයට ඔබේ පරිඝනකයේ මතකය වැඩි කරගෙන ඔබේ වැඩකටයුතු වේගවත් කර ගන්න පුළුවන්. මෙම ක්‍රමය ඉතා ආරක්‍ෂිත ක්‍රමයක් නිසා pen drive එකට හෝ පරිඝනකයට හානියක් සිදුවේ යයි බය වෙන්න එපා.