![2017 හොඳම ANTIVIRUS මෘදුකාංග](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgkX29mlWFyPpOe7g4BVVBnkkN7xgDsshiXGlIT_zJpMDNO1dUVjLulAVBF4uMGuZe6Ez7pogN0Jzh3MaNKshc9Dk2u6cbOU0SNbYyjp8Yn0yAmUWL8lQgPctHmnJfo1ZuA0U7BmbGkkNE/w700/BEST-ANTIVIRUS-2017.jpg)
Free Downloads
Security
Softwares
Top Articles
2017 හොඳම ANTIVIRUS මෘදුකාංග
මේ සඳහන් කරන්න යන්නේ දැනට 2017 වසර සඳහා නිකුත් කර තිබෙන හොඳම ප්‍රතිවෛරස මෘදුකාංග කිහිපය ගැනයි. මෙම නොමිලේ සපයන මෘදුකාංග මඟින් ඔබේ පරිඝනකය virus වලින් මෙන්ම adware, rootkits, trojans ආදිය මඟින්ද ආරක්ෂා කරගනු ලබයි. මෙම සෑම මෘදුකාංගයකම නව විශේෂාංග මෙන්ම පැරණි විශේෂාංග නව්‍යකරණය කර තිබීමද දක්නට ලැබේ. එසේම පහසුවෙන්ම එම මෘදුකාංග සඳහා නොමිලේ updates ලබාගැනීමටද හැකියාව ලැබේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgkX29mlWFyPpOe7g4BVVBnkkN7xgDsshiXGlIT_zJpMDNO1dUVjLulAVBF4uMGuZe6Ez7pogN0Jzh3MaNKshc9Dk2u6cbOU0SNbYyjp8Yn0yAmUWL8lQgPctHmnJfo1ZuA0U7BmbGkkNE/s400/BEST-ANTIVIRUS-2017.jpg)
1. Avast Free Antivirus 2017
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6WyRwVnwVP2fjKAPTGFn8WO1LXxKeNsELcDBWhv54HGn_lXAttNPvajhL3a5ytbCrQCCAn6IOIywUBv_WPduYxjv0ssWaYgy24gdkJgg-wCtggfkgR6NozR8XVDpOAbWKY7O1NxmjuBE/s400/Avast-Free-Antivirus-2017.png)
නවතම මුහුණුවරක් යටතේ පැමිණ තිබෙන avast මෘදුකාංගය මඟින් faster scanning, better password manager, Game Mode වැනි පැරණි විශේෂංග මෙන්ම Wi-Fi Inspector වැනි නව විශේෂාංග ද එක්වී තිබෙනවා. ඒ හරහා ඔබේ පරිඝනකය wifi කලාපයක් හා සම්බන්ධ වීමට පෙර එහි සුරක්ෂිතභාවය ගැන සොයා බැලීමේ හැකියාව ලැබෙනවා.
2. Sophos Home
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiI9QPzfQ94soSmTD7AGoOUBUxYwk79gN-TnMkiV00oDsQ1vQlEr2p1_5v5H7QFg4oEcBoAy5XRiyUJ13ILSrOKISctuKYLl-jJx4slNZ8mFFJJ4yV24yoR0QUQ-SF2wg7JMs4RXkaJI_Y/s400/Sophos-Home.png)
මෙයද 2017 සඳහා නිකුත්වූ ඉතා හොඳ Antivirus මෘදුකාංගයක්. ඔවුන්ගේ වෙබ් අඩවියේ පහසුවෙන් ලියාපදිංචි වීමෙන් ඔබට මෙය නොමිලේම ලබාගත හැකිය. centralized protection ක්‍රමය මඟින් ඔබට එකම ස්ථානයකින් එකවර පරිඝනක ගණනාවක් ආරක්ෂා කරගැනීමේ පහසුවද ලැබෙනවා.
3. Avira Free Security Suite 2017
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVl1iKM7lesau9QFnRxdGnJs-dUoguzghvFdYWQdihDoDVrzaDoRElXGclyEnTt0ghAs-hk1pQnj2SQrotv-1B7yWUcQqjebxJYgAMuBmtQrLb9RuLa9QrW2A6USvKjD8QgV2RDZUD_Hk/s400/Avira-Free-Security-Suite-2017.png)
මෙම මෘදුකාංගයද නව්‍යකරණයන්ට භාජනය වෙමින් නිකුත් වන මෘදුකාංගයක් නිසා ඔබට පරිඝනකය ආරක්ෂා කරගැනීමට යෙදිය හැකිය. සෑම Antivirus මෘදුකාංගයකම ඇති විශේෂතා මෙන්ම අලුත් විශේෂාංග ද මෙහි ඇතුලත් වී තිබේ.
Browser Safety tool මඟින් ඔබ පිවිසෙන වෙබ් අඩවි වල ආරක්‍ෂිත භාවය පිළිබඳව පරීක්ෂා කල හැකි මෙන්ම, අනාරක්ෂිත වෙබ් අඩවි වලින් එල්ලවිය හැකි තර්ජන වලින් ඔබව බේරාගනී.
Phantom VPN හරහා ඔබට අන්තර්ජාලයේ සිදුකරන කටයුතු රහසිගතව කරගැනීමේ හැකියාව ලැබේ.
4. FREE AVG 2017
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgh_YQMuE5AFQn27VoykwFqHGeVx7GSMeeqKsVeRTChtfJ8A7rA1NHgmIMlAg63bul4UJISsfUFY-7aNTj-PVB0f0kFMQeseKLNMzZXJQbTEZ-gx2Kl3OfoBoHLT1RktMXLaafDVPbGcWA/s400/AVG-free-antivirus-1.png)
කාලයක් මුළුල්ලේම Antivirus මෘදුකාංග අතර ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇති මෙයද 2017 වසර සඳහා නවතම හඳුන්වාදීම් සහ නව අංගයන් සමඟ පැමිණ තිබේ. AVG Zen මඟින් ඔබට එකම තැනකින් ඔබේ උපාංග කිහිපයක් ආරක්ෂා කරගැනීමේ හැකියාව ලැබෙනවා. Pro VPN මඟින් wifi කලාප වලට පිවිසීමේදී ආරක්ෂාව සපයනවා. AVG Web TuneUP මඟින් අනාරක්ෂිත වෙබ් අඩවි වලින් එල්ලවිය හැකි තර්ජන වලින් ආරක්ෂා කරනු ලබනවා.
5. Bitdefender Free Antivirus
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjUIyGhgpQmvXcf7DogE_Kni-JKbdk41t9O7hmmTj8tIYaCWJNv6OrfRrYIRhus2pnxK260Qun1Gng5TLWo6syyqJ3ZIveUiS_xfN9edRC_dLiE0TS8Y3rPs62OVvMGCyInEgdB5alm_cE/s400/Bitdefender-Free-Antivirus.png)
Real-time protection, Anti-phishing, Anti-malware protection සහ Autopilot වැනි විශේෂාංග සමඟ අලුත්වී පැමිණෙන Bitdefender මෘදුකාංගයද ඔබට 2017 වසරේදී නොමිලේම ලබාගන්න හැකියාව තිබෙනවා. මෙය install කරගැනීම online ක්‍රමයට සිදුකරගත යුතු වෙනවා.
මෙම සියලුම මෘදුකාංග දැන් ඔබට නොමිලේම අපගේ වෙබ් අඩවිය හරහා download කරගන්න පුළුවන්.
0 Comments: