Breaking
Loading...
Arduino වල ප්‍රථම ව්‍යාපෘතිය නිර්මාණය කිරීමට තමයි දැන් මේ හදන්නේ. පරිඝනක වැඩසටහන්කරනය ගැන පැහැදිලි අවබෝධයක් ඇතිනම් ඔබ දන්නවා ඇති ඕනෑම භාෂාවක මුලින්ම කරන කේතනය තමයි 'Hello World' යන්න. ඉතින් මේ Arduino වලත් මුල්ම කේතනය තමයි LED බල්බයක් දැල්වීම සහ නිවීම සිදුකරවීම. එය හරියට අනිත් වැඩසටහන්කරණ භාෂා වල 'Hello World' වලට සමානයි.


අවශ්‍ය ද්‍රව්‍ය -
  • 1 × Breadboard
  • 1 × Arduino Uno R3
  • 1 × LED
  • 1 × 330Ω Resistor
  • 2 × Jumper

ඉන්පසුව පහත රූප සටහනේ ආකාරයට Breadboard එක මත පරිපථ කොටස් සවි කරගන්න.


දැන් ඔන්න දෘඩාංග කොටස් ටික ඉවරයි. ඔබට කරන්න තියෙන්නේ මෘදුකාංගය භාවිතා කර අදාළ කේතනයන් සිදු කිරීමයි. එහෙනම් ඔබේ Arduino IDE මෘදුකාංගය විවෘත කරගෙන පහත කේතනය කරන්න.


/*
   Blink
   Turns on an LED on for one second, then off for one second, repeatedly.
*/

// the setup function runs once when you press reset or power the board

void setup() {  // initialize digital pin 13 as an output.
   pinMode(2, OUTPUT);
}

// the loop function runs over and over again forever

void loop() {
   digitalWrite(2, HIGH); // turn the LED on (HIGH is the voltage level)
   delay(1000); // wait for a second
   digitalWrite(2, LOW); // turn the LED off by making the voltage LOW
   delay(1000); // wait for a second
}

දැන් ඔබට ඔබේ කුඩා පරිපථයේ ඇති LED බල්බය on off වෙන ආකාරය දැකගත හැකි වේවි.


0 Comments: