Breaking
Loading...

අද කාලේ ගොඩක් අය විනෝදයට වගේ කරන දෙයක් තමයි photos ගහන එක. තමන්ගේ phone එකේ cam එකෙන් photos ගන්න ගොඩක් අය ආසයි. බොහොමයක් දෙනා selfie ගන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. තවත් සමහර අය වටපිටාවේ තිබෙන දේවල්, ගස්කොළන් වල, සත්තුන්ගේ, වාහන වල වගේ විවිධ photos ගන්නවා. ඉතින් තමන්ගේ computer එක phone එකේ memory full වෙනකන් photos අරන් පස්සේ ඒවා වැඩක් නා කියලා delete කරලා දානවා. ඒත් ඒ photos ඔබට වටින්නේ නැති උනාට ඒවා වටිනා අය මේ ලෝකේ පුරා ඉන්නවා. ඒ වගේම ඔවුන් කැමතියි ඒවා මුදල් දී මිළදී ගන්න. අපිනම් ඉතින් photo එකක් අවශ්‍ය වුනාම google එකේ හොයලා නිකන්ම අරගන්නවා නේ. ඒත් බොහෝ රටවල අය එහෙම නැහැ. ඔවුන් ඕනෑම දෙයක කතෘ හිමිකම ගැන සැලකිලිමත් වෙනවා. ඒ කියන්නේ වෙනත් කෙනෙක්ට අයත් සම්පතක් නිකන් අරගන්න,ළග තබාගන්න කැමති නැහැ. එය අවශ්‍ය නම් මුදල් දීලා තමයි අරගන්නේ. ඉතින් කලින් කිව්වා වගේ photos වුනත් ඔවුන් කැමතියි මුදල් දීලා අරගන්න.

ඉතින් ඔබ විසින් ගන්නා photos වලට වටිනාකමක් ලබාදෙන ඔබේ photos විකිණිය හැකි ස්ථානයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. සමහරවිට ඔබ මෙම නම අහලත් ඇති. ඒ තමයි Shutterstock කියලා කියන්නේ. ලොව ඉතා ජනප්‍රිය photos buy & sell කරන සමාගමක් තමයි මෙම Shutterstock ලෙස හඳුන්වන්නේ. ඔවුන් විසින් photos විකුණන අයගේ photos වෙබ් අඩවිය තුලින් ජනප්‍රිය කරවනවා. ඉන් පසුව ලොව නන් දෙසින් එම photos මිළදී ගන්නා විට එයට අදාළ මුදල ඔබට හිමි වෙනවා.


ඔබ විසින් ගන්නා photos විතරක් නෙවෙයි, ඔබ හොඳ ග්‍රැෆික් නිර්මාණකරුවෙක් නම් විවිධ logos,arts,illustrates ආදිය වුනත් නිර්මාණය කර විකිණිය හැකිය.









පහත banner එක හරහා ඔබත් දැන්ම මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න.

වෙබ් අඩවියට මුලින්ම පිවිසුන විට ඔබට පහත ආකාරයට දිස්වේවි.


Sign up now හරහා ගොස් ඔබගේ ගිණුම ආරම්භ කරන්න. ඔබගේ සම්පූර්ණ නම,email ලිපිනය, මුරපදය ආදිය නිවැරදිව ලබාදී ගිණුම ලියාපදිංචි කරගන්න. ඉන්පසුව ඔබේ email ලිපිනය confirm කරගෙන වැඩ පටන් ගන්න සූදානම් වන්න.



Shutterstock හි වැඩ ආරම්භ කරන විට පළමුව මූලිකත්වය දී කල යුතු කාර්යයන්ති කිහිපයක් තිබෙනවා.

1. ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීමට ඔබේ පැහැදිලි photo එකක් සහිත අනුමත හඳුනාගැනීමේ පත්‍රයක් ඉදිරිපත් කල යුතුයි. ඒ කියන්නේ පැහැදිලි ඉංග්‍රීසියෙන් තිබෙන ID එකක් ඉදිරිපත් කරන්න ඕන. ඔවුන් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ගුවන් ගමන් බලපත්‍රයේ හෝ රියදුරු බලපත්‍රයේ පැහැදිලි scan photo එකක්. එය submit කිරීමෙන් පසුව ඔවුන් ඔබේ අනන්‍යතාවය තහවුරු කරගන්නවා.

2. ඉන් පසුව ඔබට මුදල් ලබාගැනීමට අවශ්‍ය සේවාව පිළිබඳවද ඔවුන් දැනුවත් කරන්න ඕන. ඒ සඳහා ඔවුන් ලබාදෙන form එක සම්පූර්ණ කල යුතුයි. ඔබ paypal හරහා මුදල් ලබාගන්න අදහස් කරයි නම් ඔබේ නිවැරදි paypal ලිපිනය දිය යුතුය. චෙක් පතකින් මුදල් ලබාගන්නවා නම් ඔබට චෙක් පත ලැබිය යුතු නිවැරදි ලිපිනය දෙන්න ඕන.

3. Shutterstock සමඟ එකතුවී photos විකිණීමට අවසරය ලබාගන්න සාම්පල photos 10ක් ඉදිරිපත් කල යුතුයි. එම photos upload කරද්දී ඒවාට නිවැරදිව නම් ලබාදී එම photos කුමන වර්ග වලට අයත්ද යන්න සඳහන් කිරීමට tags දිය යුතුය. උදාහරණයක් ලෙස ඔබ ලස්සන රෝස මලක photo 1ක් upload කරනවා නම් tags ලෙස rose flower, nature, flowers ආදී ලෙස tags ඇතුලත් කල යුතුය. එක photo එකකට අවම වශයෙන් tags හතක් ලබාදෙන්නත් ඕන.

ඔබ මුලින් ඇතුලත් කරන photos 10 අඩංගු වන පිටුව මේ ආකාරයට දිස්වෙනවා.


Photos submit කිරීමෙන් පසුව ඔවුන් ඒවා අනුමත කරනතුරු ඔබට පැය කිහිපයක් බලා සිටින්න වේවි. එම photos අනුමැත වීමෙන් පසුව ඔබට ඇති තරම් photos යොදා ඒවා අන්තර්ජාලය පුරා විකිණීමේ හැකියාව ලැබෙනවා. එසේනම් ඔබත් අද ඉදන් cam එකෙන් ගන්න photos delete නොකර විකුණලා මුදල් සොයන්න පටන් ගන්න.



0 Comments: