![microworkers සමඟ මුදල් උපයමු](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWZgtHDrjphjNX3YLV89hZC7hptbVvnKGUBjUZSVEUT_KK9-wbtX6P7TNKwG4YcW9LqcnjFoBwIRVVPZTS9QPfjsiJRGTVmpoK_F1j4nyfOFKdm34nel0W9_q9ubCyyH5L6Rta9zhc5kQ/w700/Micro-Workers.png)
අන්තර්ජාලයෙන් විවිධ මුදල් ඉපයීමේ ක්‍රමවේද ගණනාවක් තිබෙනවා. කුඩා ප්‍රමාණයේ රැකියා එහෙමත් නැතිනම් offers කිරීම හරහා පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් තමයි මෙම microworkers කියලා හඳුන්වන්නේ. මොනවද මෙම කරන්න තිබෙන රැකියා? එහෙමත් නැතිනම් offers? ලොකු දේවල් නැහැ. ඉතා පොඩි වැඩ තමයි කරන්න තියෙන්නේ. උදාහරණයක් ලෙස කිසියම් වෙබ් අඩවියක register වෙන එක, fb page එකකට like කරන එක, මෘදුකාංගයක් install කරන එක, වීඩියෝ එකක් නරඹන එක වගේ පොඩි පොඩි වැඩ. ඉතින් මෙහෙම වැඩක් කලවිට කීයක් උපයන්න පුලුවන්ද? එක ජොබ් එකක් කරාම ලොකු ගානක් ලැබෙන්නේ නැහැ.$0.01 සිට $ 1.00 අතර මුදලක් සොයන්න පුළුවන්. එය රදා පවතින්නේ කරන්න තිබෙන කාර්යය අනුවයි. පොඩි වැඩක් නම් පොඩි මුදලයි, ලොකු වැඩක් නම් ලොකු මුදලයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWZgtHDrjphjNX3YLV89hZC7hptbVvnKGUBjUZSVEUT_KK9-wbtX6P7TNKwG4YcW9LqcnjFoBwIRVVPZTS9QPfjsiJRGTVmpoK_F1j4nyfOFKdm34nel0W9_q9ubCyyH5L6Rta9zhc5kQ/s320/Micro-Workers.png)
ඉතින් අපි හිතමු 0.50 වගේ ජොබ්ස් 10ක් ඔබ දවසට කරනවා කියලා. ඒ වගේ සෑම දිනකම පුරා මාසයක් ඔබ microworkers එකේ වැඩ කරනවා කියලා හිතමු.
දිනකට = 0.50 x 10 = $ 5
මසකට = $ 5 x 30 = $ 150
රුපියල් වලින් බැලුවොත් 150x150 = රු.22,500/=
දැක්කා නේද පොඩි ජොබ් එකක් කිරීමෙන් සොයන්න පුළුවන් මුදල් ප්‍රමාණය කොපමණද කියලා. දවසට පැය 2,3ක් වැය කිරීමෙන් ඔබට මෙය පහසුවෙන් කරන්න පුළුවන්.එසේ නම් දැන් ඔබත් microworkers සමඟ එකතුවී වැඩ පටන් ගන්න.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRyYnIEgjnVf2N7Ci5Wx1uEncgeD7NEvoZvMZmhVcwZcDmkzEo1PBEuArx45qnTY1aVTtmMxDOt1yFoPGH0Y-YnBtirynrqmPaPWf0FMabblLobzfc648ljyGh_VLKj81abtW0c5XtQMs/s640/554d.png)
ඔබගේ නිවැරදි තොරතුරු ලබාදී ලියාපදිංචි වන්න. ඉන්පසුව ඔබේ email එකට ඔවුන් ගිණුම සක්‍රීය කලබව දන්වා email එකක් එවාවි. ඒ හරහා ඔබේ ගිණුමට log වන්න.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSIBY_20dUa41VwoCOaDeQjKIqa3_QVsA9dbJ93Emug39tnUVocCp-G8LBuSDEUrP374_F52pnn043AxuAxGs2ka4vlkgsB6oKqzrsOMwx5y9zFqI_1ass3gta_HV72C5s6PBGb28XKxI/s640/how-to-sign-up-microworkers.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtn2dJePkk6gYtjWNBi24eZbP1B1sqwjmiuXfXMhcQN4iavA9NZZkpZj95Tym0SKT7hvMo3vrYYKbE7YT1gaiFaqhVIEWBNBYeNsVtDvb-s-piwlLGrXnKfSB4iIV1jtCElqWRH1oXcu4/s640/Microworkers-job-detail.png)
ඔබේ ගිණුමට ඇතුල්වූ පසුව පෙන්වන ආකාරය තමයි මේ. ඔබට කරන්න තිබෙන ජොබ්ස් ලැයිස්තුව පේනවා නේද? ඉතින් අන්න ඒ ජොබ්ස් ඔබට පහසුවෙන්ම කරන්න පුළුවන්. දිනකට ජොබ්ස් 50ක් පමණ ඔබට නිරූපණය කරනවා. මේ අතුරින් ඔබට ඉක්මනින් කරන්න පුළුවන්, වැඩි මුදලක් දෙන රැකියා කිරීමෙන් ඉක්මනින් මුදල් ඉපයීමට හැකියි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXuIDivevzymPXnXqKJa9dnjniTEcqvubrYY7pvxibHKLCIbe3hm8u8CsNkbtENR9In91w_wI8mHnsxggxIx7uFS5FmMn9e5Ldaz-8BYidhyhoRZFx-hKemegqcN5k-uv1LwvKniUvjls/s640/4545.png)
මේ ජොබ් එකක් කරන්න පටන් ගන්නාවිට ඔබ විසින් කල යුතු දේ ඔවුන් කියනව.ඒ වගේම ඔබ කිසියම් ජොබ් එකක් කලවිට එය කල බව ජොබ් එක offer කරපු කෙනාට සාක්ෂි ඇතිව පෙන්විය යුතුයි. එය නිවැරදි නම් ඔවුන් ඔබේ ජොබ් එකට අදාළ ගෙවීම කරනවා.
ඔබේ ගිණුමේ ශේෂය $9ක් වුවිට ඔබට මුදල් ආපසු ලබාගන්න පුළුවන්. නමුත් පළමු මුදල් ලබාගැනීමේදී ඔවුන් ඔබව නිවැරදිව සහතික කරගැනීම සඳහා ඔබට PIN අංකයක් එවනවා. එය එවන්නේ ඔබේ email එකට නම් නෙවේ.ඔබගේ නිවසේ තැපැල් ලිපිනයට. ඒ නිසා ඔබේ ගිණුමේ ඇතුලේ ලිපිනය සඳහන් කරන කොටසේ ඔබ නිවැරදිව ලිපිනය සඳහන් කරන්න ඕන. ඔබ මුදල් ගැනීමට සූදානම් වුවිට ඔබේ නිවසට PIN අංකය එවනවා. ඔබ එම PIN යොදා මුදල් ලබාගැනීම කල යුතුයි. Paypal,Payoneer හෝ Bank Transfer හරහා මුදල් ලබාගන්න ඔබට පුළුවන්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8aOdREow1PGRDKfIUcnu82i1iSfa_7DdogEADOCnDIk9q0jbFvbsg_mFu5xJZkcT7i-6szDtU6SZFRDAdADGNHKv9Zy78-dTMdnJoTmN5ryIDqIDe3naBFHevtp9R1aFzVeb6Jk4dDM0/s640/Microworeetail.png)
ඉතින් ඔබත් අදම මෙම https://microworkers.com/ සමඟ එකතුවී මුදල් ඉපයීමට පටන් ගන්න.
0 Comments: